අම්බලන්ගොඩ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය ගණන ඉහළට..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 22, 2022 03:59 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (21) රාත්‍රී 8.30ට පමණ අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය වී තිබේ.

දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලයේ රැඳී සිටි පුද්ගලයින් 5 දෙනෙකුට නාඳුනන තුවක්කරුවෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති අතර වෙඩිවැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇත.තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අම්බලන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහිදි බරපතළ තත්ත්වයේ පසු වු තවත් එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළ අතර මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ලේනමුල්ල සහ කුලීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙයට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනයේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති අතර  ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join