කොටහළු මගුලේ දී තරුණයෙක්ට හිතුවෙවත් නැති වෙලාවක වුණ අවාසනාවන්ත ඉරණම..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By krishani Feb 28, 2024 05:57 PM GMT
Report

අද (28) රාත්‍රියේ වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

කොටහළු මගුලේ දී තරුණයෙක්ට හිතුවෙවත් නැති වෙලාවක වුණ අවාසනාවන්ත ඉරණම.. | Crime At Walipanna

ඒ බව වැලිපැන්න පොලිසිය සඳහන් කළේ ය.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, හොරවල ප්‍රදේශයේ පදිංචිව සිටී මල්ලව ආරච්චිගේ තරිදු ධනංජය නමැති 32 හැවිරිදි පුද්ගලයකු ය.

එම ප්‍රදේශයේ කොටහලු උත්සවයක් පැවති ඇති අතර, එහිදී පැරණි කෝන්තරයක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම පහරදීම සිදුව ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවල දී තහවුරු වී ඇති බව පොලිසිය පැවසීය.