තියුණු ආයුධවලින් පහරදීමක් - මව සහ දියණිය රෝහල් ගත කරයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
තිස්සමහාරාම - පුංචි අකුරුගොඩ - දිල්ලිය ප්‍රදේශයේ දී එකම පවුලේ මවට සහ දියණියට දියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය පවසයි.
රෝහල් ගත කර සිටින සිය ස්වාමි පුරුෂයා බැලීමට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ජිප් රථයකින් පැමිණි දෙදෙනෙකු, ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය නවතා ඊයේ(22) පස්වරුවේ මෙම පහරදීම සිදුකර තිබෙන අතර 54 හැවිරිදි මවගේ එක් අතකට බරපතල කැපුම් තුවාල සිදුව ඇත.
36 හැවිරිදි දියණියගේ හිසට ද බරපතල තුවාල සිදුව ඇති බවත්, පුද්ගලික ආරවුලක් නිසා මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |