බෑනාගේ පොලු පහර මාමණ්ඩියගේ ජීවිතය රැගෙන යයි..
පේරාදෙණිය - කුරුගම ප්‍රදේශයේ සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
ඒ බෑනා විසින් මාමණ්ඩියට පොල්ලකින් පහර දී මෙන් ය.
පේරාදෙණිය පොලිසිය සඳහන් කළේ ඊයේ (19) රාත්‍රී කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි මාරිමුත්තු ධර්මසීලන් නැමැති පුද්ගලයෙක් ය.
ඝාතනයට ලක්ව සිටින පුද්ගලයාගේ වැඩිමල් දියණියගේ සැමියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
සැකකාර බෑනා සිය බිරිඳ සහ දරුවන් අතහැර තනිව ජීවත්ව ඇති බවයි කරුණු අනාවරණය වී ඇත.
මෙම සැකකරු ඊයේ (19) රාත්‍රියේ තම දරුවන් බැලීම සඳහා ඔහුගේ බිරිඳගේ පියාගේ නිවසට පැමිණ ඇත.
එහිදී සැකකරු ඔහුගේ තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ මත්පැන් පානය කර තිබෙනවා.
එම අවස්ථාවේ දී ඔහු මාමණ්ඩිය සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, එහිදී සැකකරු පොල්ලකින් මාමණ්ඩියට පහර දී ඇත.
බෑනාගේ ප්‍රහාරයෙන් බේරීම සඳහා නිවසින් පිටතට දිවගොස් ඇති මාමණ්ඩිය නිවස ආසන්නයේ වැටී තිබෙනවා.
එහිදී මියගොස් ඇති බවයි වාර්තා වේ.
මෙලෙස මියගොස් වැටී සිටි පුද්ගලයා වතුකම්කරුවන් පිරිසක් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශන අරඹා ඇති බව සඳහන් වේ.