බිරිඳගේ තියුණු පහරින් සැමියා මිය යයි - දෙපාරක්ම දරුවන්ට වස දෙන්නත් හැදුව පියා.. විමර්ශනවල දී හෙළි වුණ දෙය..
බිරිඳ විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
ඒ මහියංගනය ප්‍රදේශයේ දී ය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ මහියංගනය කපුරුගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය.
බිරිඳ සමග ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිඳ එල්ලකළ පිහි ප්‍රහාරයකින් මෙලෙස සැමියා මියයන්නට ඇති බව පොලිසිය සැක කරයි.
ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් ඇති වී තිබෙනවා.
මීට පෙර අවස්ථාවක දී ඔහු විසින් සිය දරුවන්ට වස පෙවීමට ද උත්සාහ දරා ඇත බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ ද බීමතින් පැමිණ බිරිඳට ප්‍රහාරයක් එල්ලකර ඇයට සහ දරුවන්ට වස පෙවීමට උත්සාහ දරා ඇති බවට පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත.
එහිදී බිරිඳ විසින් ඔහුගේ පාදයට මන්නා පිහියකින් පහර දී ඇත.
එම ප්‍රහාරයෙන් අධික රුධිරය වහනය වීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, එම පුද්ගලයා මීට පෙර අවස්ථාවකදී ද බිරිඳට පහරදීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බවට ද අණාවරණය වී ඇත.
කෙසේ වෙතත්, සැකකාර බිරිඳ පොලීසියට භාරවී ඇති අතර ඇයව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Sponsored By Sarrita Jewellery