දුරදිග ගිය ආරවුල මරණයෙන් කලවර වීම..
Sri Lanka Police
Sri Lanka
By krishani
දැරණියගල - බොරලංකඩ ප්‍රදේශයේ දි පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම නිසා ඇති වු ගැටුමක් අතරතුර මුගුරකින් සිදුකළ පහර දීමකින් අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා 24 හැවිරිදි එම පුද්ගලයා කරවනැල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |