කොවිඩි එන්නත නිසා ඇතිවන ලිංගික ගැටලු ගැන නවතම අනාවරණය...කොවිඩ් හැදුනහමත් ලිංගික ගැටලු?(VIDEO)
රජය විසින් ලබාදෙන කොරෝනා එන්නත ලිංගික බෙලහීනතාවයට හේතු වන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසනවා.
කොවිඩ් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ ලිංගික ගැටළු කිහිපයක් තිබිය හැකි නමුත්, කොවිඩ් එන්නත නිසා ඇති වන බෙලහීනතා ගැටළු සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.
මේ අනුව ලිංගික දුර්වලතා සහ මදසරු භාවය වැනි සංකූලතා වළක්වා ගැනීම සඳහා වහාම රජයේ එන්නත ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
රජයේ එන්නත කුඩා දරුවන්, ගැබිණි මව්වරුන්, වැඩිහිටියන් ඇතුළු සියලු දෙනාටම නිර්දේශ කර ඇති බැවින් එය ලබා ගැනීම ගැන කරදර විය යුතු නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සෞඛ්‍ය සංවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
මේ අතර එවැනි තත්ත්වයක් තුළ මෙරට බොහෝ දෙනෙකුගෙන් ඇසෙන ප්‍රශ්නයක් නම් එන්නත ලබාගැනීමෙන් පසුව විවිධ අතුරු ආබාධයන් ඔවුන්ට ඇතිවී තිබෙන බවයි.
තවද වෙනදා තිබූ ශක්තිය අඩු බවද ඇතැම් පිරිස් පවසනවා.
ඒ අතර ලිංගික ශක්තිය අඩූවීමද බොහෝ දෙනෙකුට බලපා ඇති ප්‍රධාන ගැටලුවක්.
මේ සම්බන්දව වෛද්‍යවරයෙකු සමග සිදු කළ පුවත්පත් සාකච්ඡාවකදී එම වෛද්‍යවරයා විසින් අමුතුම හෙළිදරව්වක් කළා.
එනම් එන්නතෙන් පසු ලෙඩ රෝග 18ක් ඇතිවිය හැකි බවයි.
ඒ අතර ලිංගික රෝග රැසක්ද පවතින බවයි එම වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
එම රෝග ගැන වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් බලන්න.
අදාල වීඩියෝව මෙතනින් නරඹන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |