පොදු ප්‍රවාහනය සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි?..

Covid Corona Covid vaccines card
By Aruna Feb 07, 2022 04:08 AM GMT
Report

පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරිමේ දි එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

"සෞඛ්‍ය අංශයෙන් යම් චක්‍රලේඛයක් හෝ දැනුවත් කිරීමක් කරනවා නම්, පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ එන්නත් තුනම ලබාගත් අය පමණයි කියලා ඒකට අපිට අනුගත වෙන්න සිද්ධවෙනවා.

මොකද මේක වසංගත තත්ත්වයක්.

ඒ තත්ත්වය පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්.

ඒ අනුව ඒ අය අපිට දෙනවා නම් උපදෙසක් මේ අය පමණයි පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ කියලා ඒකකට අපිිට අනුගත වෙන්න සිද්ධ වෙනවා.

මේ පිළිබඳව අපි ලිඛිතව දැනුම්දීමක් කරලා නෑ. නමුත් ඔය කියන විදියට චක්‍රලේඛ නිකුත් කරලා ලිඛිතව අපිව දැනුවත් කරයි.

ඒ වෙද්දි පෞද්ගලික, ලංගම හා දුම්රිය දැන්වත් කරලා එන්නත් කාඩ්පත් පරීක්ෂා කරන්න කියන උපදෙස දෙන්න පුළුවන්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now