මාස්ක් දැමීම අවසන් කරන දිනය ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියූ දේ..වහාම මේ දේ කරන්න.

Corona Covid vaccines Hemantha herath
By Aruna Feb 22, 2022 12:19 AM GMT
Report

කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනිවාර්ය කර ඇති මුව ආවරණ පැළඳීම ඉවත් කළ හැකි වන දිනය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා.

ඔහු ප්‍රකාශ කළේ, කොරෝනා පාලනය සඳහා මේ වන විට කරගෙන යන වැඩපිළිවෙළෙහි අවසන් ක්‍රියාව මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් පනවා ඇති නියෝග ඉවත් කිරීම බවයි.

ඒ සඳහා ඉලක්කගත සියලු දෙනාට බූස්ටර් එන්නත ලබා දිය යුතුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.

"මාස්ක් එක අපිට අයින් කරන්න වෙන්නේ අපගේ මේ කර්තව්‍යයේ අවසානය විදියට.

අපි ඊට කලින් මේ දැනට තිබෙන බූස්ටර් මාත්‍රාව ඉලක්කගත කණ්ඩායම මිලියන 14.1ක් ඉන්නවා.

ඒ 14.1ට ම මේ බූස්ටර් මාත්‍රාව දීලා එතකොට තමයි අපිට යම් කිසි ප්‍රතිශක්තිකරණයක් මේ රෝගයට විරුද්ධව අපිට සමාජයේ තියෙනවා කියලා යම් කිසි තහවුරුවක් ලබා ගන්න පුළුවන්.

ප්‍රාථමික ප්‍රතිශක්තිකරණය සහ බූස්ටර් මත්‍රාව ත් එක්ක මාත්‍රා 3ක් අරගෙන සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයක් කර ගත්තොත් මීට වැඩිය අපි දලා තියෙන සීමාවන් අපිට තව ත් ලිහිල් කරන්න පුළුවන්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now