අඛණ්ඩව 1000 ඉක්මවා අදත් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්ථා වේ.

Corona virus Covid 9
By Sithumi Feb 08, 2022 02:13 PM GMT
Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින්  1253 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

 ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 13ක් සහ පිරිමි පුද්ගලයන් 22ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ එක් පිරිමි අයෙක් සහ කාන්තාවක් වශයෙන්. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15656ක් ලෙසටයි.

ඊයේ (07) තහවුරු කරන ලද මෙම මරණ අතර අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4දෙනෙකු සහ එක් කාන්තාවක් මියගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 28ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 11ක් සහ පිරිමි 17ක් වශයෙන්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 405 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගියා . ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 582064ක් ලෙසටයි

. තවත් 23452ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 620732ක් වාර්තාවී තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now