නැවතත් 1000 ඉක්මවූ කොවිඩ් ආසාදිතයන් ගණන.. තත්වය භයානක අතට

Sri lanka covid 19 Corona virua
By Sithumi Feb 01, 2022 02:34 PM GMT
Report

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,137ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 612,322ක් දක්වා ඉහළගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,000 බවය.

එසේම ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 32ක් වාර්තා විය. ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 15,473ක් දක්වා ඉහළගොස් තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now