කොවිඩ් ආසාදිතයන් ගණන වැඩිවේ.. ඔමික්‍රෝන් ගැනද අනතුරු ඇගවීමක්

sri lanka Corona virus Covid 19
By Sithumi Jan 22, 2022 01:59 PM GMT
Report

අද දින  මෙරටින් කොරෝනා ආසාදිතයින් 845 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි නිවේදනය කර තිබේ..

එමෙන්ම , අද දින කොරෝනා ආසාදිතයන් 12 ක් වාර්ථා වී තිබේ. ඒ ඊයේ (21) මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිත මරණ වේ..

ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මැරණ ගණන 15284ක්.

මෙරටින් තවත් ඕමික්‍රෝම් ආසාදිතයන් 75 ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව හෙළිවී තිබේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පැවසීය

. පසුගිය 15 වනදා ද ඔමික්‍රොන් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගෙන තිබුණි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 283ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now