Covid ආසාදිතයින් වෙනස්ම අගයක් වාර්ථා වෙයි..

vaccination delta Omicron Covod19
By Sewvandhi Feb 18, 2022 01:47 PM GMT
Report

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1282ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 634333ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 21745ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 596639ක්.

ඒ අද සුවය ලැබූ ආසාදිතයන් 310ත් සමගින්. මේ අතර මෙරටින් අද වාර්තා කළ කොරෝනා මරණ 23 ද සමග මරණ 15949ක් වාර්තාවී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now