Covid ආසාදිතයින් වෙනස්ම අගයක් වාර්ථා වෙයි..
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1217ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 631816ක් ලෙසටයි.
මේ අතර අද දිනයේ තවත් කොරෝනා මරණ 25ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15899ක් ලෙසටයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයන් 20ක් වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු ද වන අතර එම වයස් කාණ්ඩයේ කිසිදු කාන්තාවක් මියගිය පිරිස අතර නැහැ.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 19ක් වනවා. ඒ කාන්තාවන් 5ක් සහ පිරිමි 14ක් වශයෙන්.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 393 දෙනෙකු අද සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 596042ක් ලෙසටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |