Covid ආසාදිතයින් ඉහළ අගයක..තත්වය තවත් භයානක වෙයි..
Covid
lockdown
vaccination
delta
omicron
By Sewvandhi
අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,259ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 625,804ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර,ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 31 ක් වාරතා වු බව සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා සිටිනවා . ඒ අනුවමයි දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,754ක් දක්වා ඉහල යනවා.
මේඅතර,තවත් කොරෝනා ආසාදිතයන් 373 දෙනෙකු අද (11) සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 594,348 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,474ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |