වාර්තාගත ලෙස Covid ආසාදිතයින් වැඩි වෙයි - අදත් 1000 ඉක්මවූ ආසාදිත පිරිසක්..

Covid lockdown vaccination delta omicron qurrantine
By Sewvandhi Feb 02, 2022 02:33 PM GMT
Report

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1156 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 613478ක් ලෙසටයි.

අද හඳුනාගත් ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි 05 දෙනෙකු ද වනවා.

මේ අතර,තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,492කි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now