අද දිනයේත් Covid ආසාදිතයින් 1000 ඉක්මවයි - යළිත් Lockdown ද..?
lockdown
vaccination
Covid19
omicron
Qurrantine
By Sewvandhi
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1082ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඒ අනුව 611,185ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙරට කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් ඇති බව යළිත් තහවුරු කරමින් ඊයේ දිනයේ ද කොවිඩ් ආසාදිතයන් 1056 දෙනෙකු හඳුනාගැනුණි.
දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අවසන්වරට දහස ඉක්මවා තිබුණේ ඉකුත් වසරේ සැප්තැම්බර් මස 26 වනදාය.
මෙවැනි දැඩි ව්‍යාප්තියක් යළි දක්නට ලැබෙන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය මෙරටින් හඳුනාගැනීමත් සමගින්ය.
ගතවූ දින 12 තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 10,815කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |