Covid ආසාදිතයින්ගේ පැහැදිලි වැඩි වීමක්..අද තත්ත්වය මෙන්න..
Infection
vaccination
Covid19
querantine
omicron
By Sewvandhi
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 829 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මේ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 09 දෙනෙකුග සිටින බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 598,536ක් දක්වා ඉහළගොස් තිබේ.
එසේම ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 12ක් අද වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,243ක් දක්වා ඉහළගොස් ඇත.
මේ වනවිට කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව සඳහන් වන්නේ 14,656ක් ලෙසටය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |