Covid ආසාදිතයින් වෙනස්ම අගයක..යළිත් අවධානම් තත්ත්වයක්.

vaccination Covid19 Delta querantine Omicron
By Sewvandhi Jan 16, 2022 03:24 PM GMT
Report

අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් ක් හදුනා ගත් බව සෞක්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 14ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කරන ලද මෙම මරණ 14ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15211ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 10ක් සහ පිරිමි 4 දෙනෙකු වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් මෙම මරණ 14 අතර නැහැ .

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 4ක් වන අතර ඒ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 08ක් සහ පිරිමි දෙදෙනෙකු වශයෙන් මරණ 10ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 595657ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 12250ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස්වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 568210ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now