තරු පන්තියේ හෝටලයක කොවිඩ් පොකුරක්..ප්‍රදේශය පුරා අවදානම් තත්ත්වයක්.

Covid Corona Sri Lanka Southern provincial
By Aruna Jan 17, 2022 07:51 AM GMT
Report

හෝටල් සේවකයින් 35කට කොවිඩ් බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ සංචාරක හෝටලයේ 35දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම ආසාදිතයින් පිරිස අද තහවුරු කර ගත් බවයි.

මෙලෙස කොවිඩ් ආසාදනය වූවන් අතර අදාළ හෝටලයේ සේවකයින් 32දෙනෙකු හා විදෙස් සංචාරකයින් තිදෙනෙකු ද වනවා.

මෙම තත්ත්වයත් සමග හෝටල් කාර්ය මණ්ඩලයේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් නිරෝධායනයට ලක් කර තිබේ.

හෝටලයේ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කර ඇති බවයි එහි ඉහළ සේවකයෙකු කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now