කොවිඩ් ගැන මුලු ලෝකයටම සුබ ආරංචියක්..
Covid
Corona
World
Healthy
Who
By Aruna
සියලු රටවල් එක්ව කටයුතු කළහොත් මෙම වසරේ කොවිඩ් -19 වසංගතය පාලන කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ පටු ජාතිකවාදි පදනමින් එන්නත් රැස් නොකර සමානව සියලු රටවල් සඳහා ලබාදිය යුතු බවයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයින් මිලියන 5.5කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.
එවැනි තත්ත්වයක් තුළ 2022 නව වසර සැමරීම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වාදෙයි.
කෙසේවෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, කොවිඩ් -19 පාලනය කිරීම සඳහා මේ වනවිට ක්‍රමවේද කිහිපයක්ම පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |