අද දිනයේ (3/7) වාර්තා වූ සමස්ත covid ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව
vaccination
Covid19
delta
Omicron
qurrantine
By Sewvandhi
තවත් කොරෝනා ආසාදිතයින් 662 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 650,802ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 08ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (06) තහවුරු කර ඇති බවය.
එම මරණ අතර අවුරුදු 30ට අඩු එක් මිරිමි පුද්ගලයෙකු ද සිටී.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,339කි.
මේ අතර,කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 618,262ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |