covid මරණ තවත් ඉහලට..දැඩි අවධානම් තත්ත්වයක්..

vaccination Covid19 delta Omicron
By Sewvandhi Feb 18, 2022 11:56 AM GMT
Report

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15949ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 6ක් සහ පිරිමි පුද්ගලයන් 17ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 5දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 15ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 3ක් සහ පිරිමි 12ක් වශයෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now