Covid මරණ නොසිතූ ලෙස ඉහළට..දැඩි අවධානමක්..!

Lockdown Vaccination Covid19 omicron qurrantine
By Sewvandhi Feb 05, 2022 12:15 PM GMT
Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 28ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 8ක් සහ පිරිමි පුද්ගලයන් 20ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ දෙකක් වාර්තාවී ඇති අතර ඒ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයෙන්  වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 5ක්.

කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු ඒ අතර  වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 17ක් සහ කාන්තාවන් 4ක් වශයෙන් මරණ 21ක් වාර්තා වුණා.

අද වාර්තා කළ මෙම මරණ 28ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15572ක් ලෙසටයි. මේ අතර මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 615902ක් වාර්තාවී තිබෙනවා.

ඉන් 19588ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 580770ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now