Covid මරණ තවත් ඉහලට..අද දවසේ වාර්තා වූ ගණන..
vaccination
Covid19
Delta
Omicron
qurrantine
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 17ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15272ක් ලෙසටයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 04ක් සහ පිරිමි පුද්ගලයන් 13ක් වනවා.
ඔවුන් අතරින් වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් කාන්තා මරණයක් ද වනවා.
අවුරුදු 30ත් 59ත් අතර මරණ 6ක් වන අතර ඒ එක් කාන්තාවක් සහ පිරිමි 5ක් වශයෙන්.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 10ක් වනවා.
කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි 8ක් ඊට අයත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join Now |