Covid ආසාදිතයින් සහ මරණ වල ශීඝ්‍ර වැඩිවීමක් - අද දින වාර්තාව
COVID-19
Sri Lanka
By Sithumi
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කරන ලද අද (26) වාර්තා කරන ලද සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 05ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මියගොස් ඇති සියලුම පුද්ගලයින් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් බව එම නිවේදනයේ සඳහන්ව ඇත. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටී.
මේ අතර දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාද ඉහළගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ අද (26) මේ දක්වා කොරෝනා ආසාදිතයින් 119ක් වාර්තා වී ඇති බවය.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 665,094ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |