යලිත් වැඩි වෙන කොවිඩ් මරණ - අද දවසේ වාර්තාව

COVID-19 COVID-19 Vaccine Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 29, 2022 09:57 AM GMT
Report

තවත් කොරෝනා මරණ 5ක් අලුතින් වාර්තා වී තිබෙනවා. ඊයේ (29) දිනට අදාළව මෙම මරණ සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වාර්තා වූ මරණකරුවන් පස් දෙනා ම වයස අවුරුදු 30 ඉක් ම වූවන් වන අතර, එහි කාන්තාවන් තුනක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 16 697ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW