කොවිඩ් මරණයකින් මුළු ගමක් අසරණ වෙයි..200කට වෙච්ච දේ මෙන්න.

Covid Corona Buththala okkampitiya
By Aruna Dec 15, 2021 06:21 AM GMT
Report

බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මිණිපුරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 77ක් වන කාන්තාවක් මොනරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ දී පසුගියදා මියගොස් තිබුණි.

පසුව, මියගිය කාන්තාවගේ මළ සිරුර අවසන් කටයුතු කිරීම සඳහා පවුලේ සාමාජිකයින් වෙත රෝහලෙන් නිදහස් කර ඇත.

ඒ අනුව සිරුර සකසා නිවෙස වෙත ගෙන ඒමට කටයුතු කර තිබුණි.

ඉන් පැය කිහිපයකට පසුව රෝහල් බලධාරීන් පවුලේ සාමාජිකයින් වෙත දන්වා ඇත්තේ එම මරණය කොවිඩ් ආසාදිතව සිදු වූ මරණයක් බවය.

පසුව සෞඛ්‍ය අංශ නිලධාරීන් පැමිණ නිවසේ තැන්පත්කර තිබූ දේහය නිරෝධායන නීති අනුව අවසන් කටයුතු කිරීම සඳහා රැගෙන යාමට පියවර ගෙන තිබේ.

එහිදී නිවසෙහි සිටි අය දැඩිලෙස අසරණ වී ඇති අතර ඒ වන විටත් එම නිවස වෙත පුද්ගලයන් දෙසීයකට වැඩි පිරිසක් විටින් විට පැමිණ ඇති බවට අනාවරණය වී ඇත.

සෞඛ්‍ය අංශ විසින් නිවසේ සිටි පුද්ගලයන් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති අතර මෙම සිදුවීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now