Covid සහ ස්නානය අතර සම්බන්ධතාව..? සෞඛ්‍ය අංශ වලින් පිළිතුරු..

Covid19 symptoms Hemanta hearath Nandhana Dhikmadhugoda
By Sewvandhi Feb 23, 2022 04:35 PM GMT
Report

කොවිඩ් මර්ධන එන්නත්කරණය හරහා ඉන්ද්‍රීය දුර්වලතා සහිත රෝගීන්ට බරපතල හානියක් සිදු නොවන බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

ඒ අනුව මුත්‍රා ආශ්‍රිත රෝග පවතින රෝගීන්ට එන්නත් ලබා ගැනීම මඟින් මුත්‍රා අපහසුතා ඇතිවීම වැනි රෝගී තත්වයන් හට නොගන්නා බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.

මේ අතර පසු කොවිඩ් තත්වයේදී යම්කිසි රෝග ලක්ෂණයක් පවතී නම් එය නොසළකා හැරීමෙන් වළකින ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසනවා.

ඒ අනුව පසු කොවිඩ් තත්වය පිළිබද සිදුකළ අධ්‍යයනයන් සහ ඊට අදාළ රෝගීන් සළකා බලා පසු කොවිඩ් රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරනු ලබන සායනයන් ආරම්භ කර ඇති බවයි වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පැවසුවේ.

එය සෞඛ්‍ය අමාතංශයේ අනුමැතිය යටතේ සියලුම කායික රෝග සායනවල ක්‍රියාත්මකයි. කොවිඩ් ආසාදිත අවස්ථාවේදී ස්නානය කිරීමෙන් අයහපත් සෞඛ්‍ය තත්වයන් ඇතිවන බවට පැතිරෙන ප්‍රකාශ දුර්මත බවද විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා මෙහිදී දැනුම් දුන්නා.

ඒ අනුව පීනස හෝ ඇදුම වැනි රෝග තත්ත්වයන් නොමැති නම් කොවිඩ් වැළඳී සිටින අවස්ථාවක දී ස්නානය කළ හැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now