මෙරට ප්‍රධාන රෝහලෙන් රතු එළියක්...යළි රට වහන්න වෙයි.?ප්‍රබලයෙකුගෙන් දැනුම් දීමක්.
රට පුරා යළිත් කොරෝනා ශීඝ්‍රයෙන් රට පුරා
යළිත් කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ, සතියක කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ පමණක් ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව හෙද නිලධාරීන් 62 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
අනෙකුත් රෝහල්වල ද කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසකට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
මේ අතර ලංකාව තුල දෛනික ආසාදිතයින් ඉහළ යෑමත් සමඟ යළි සංචරණ සීමා පනවනවාද යන්න කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
රට සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙන බැවින් ජනතාවට වගකීමෙන් කටයුතු කරන ලෙස අමාත්‍යවරිය ප්‍රකාශ කළා.
“දැන් රෝගීන්ගේත් වැඩිවීමක් වාර්තා වෙනවා.
රට සම්පූර්ණයෙන්ම ඇරලා තියෙන්නේ. රටේ ජනතාවගෙන් ඉල්ලනවා වගකීමෙන් වැඩ කරන්න කියලා…
සංචරණ සීමා දාපු රටවල්, ඔස්ට්‍රේලියාව සංචරණ සීමා දැඩි ලෙස දැම්මා.
එත් ඔස්ට්‍රේලියාවෙත් රෝගීන් වැඩිවීමක් වාර්තා වෙනවා. “ ලංකාවේ ජනගහනයෙන් 63%කට කොවිඩ් එන්නත් මාත්‍රා 2ම ලබා දී තිබෙන අතර බූස්ටර් එන්නත 23%ක් ලබා ගෙන තිබෙන බව ඇය පවසයි.
“සංචරණ සීමා දාන එක මම හිතන්නේ එක අපි මුලින්ම නෙමේ. මුලින්ම අපි එන්නත දීලා තියෙනවා.
ලංකාවේ ජනගහනය 63%කට මාත්‍රා 2 දීලා තියෙනවා. බූස්ටර් එක ලබාගෙන තියෙන්නේ 23%යි.” එන්නත් පිළිබඳව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව කිසිම දැනුමක් නොමැති පිරිස් එන්නත පිළිබඳව විවිධ මත පළ කරන බැවින් ඒවාට නොරැවටීන් විශ්වාසනීය පුද්ගලයින්ගේ තොරතුරු පදම් කරගෙන තීන්දු තීරණ ලබා ගෙන්නා ලෙස එතුමිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
“අපි වැඩි වෙනකම් ඉන්නේ නැතුව මේක ගන්න ඕනේ. බූස්ටර් එක ලබාගෙන නැතිනම් බූස්ටර් එක ලබා ගන්න.”
“ඒක ගන්නේ නැතුව මේ සංචාරකයින්ට දොස් කියන්න බෑ. අපි අපිම ආරක්ෂක පියවරවල් අනුගමනය කරන්නේ නැති බව තමයි පෙන්න තියෙන්නේ.
මේ එන්නත් පිළිබඳවත් වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් කිසිම දැනුමක් නැති අය එන්නත පිළිබඳව විවිධ මත පළ කරනවා.”
“අපි මහජනතාවගෙන් ඉල්ලනවා විශ්වාසනීය කෙනෙකුගේ තොරතුරු පදම් කරගෙන තීන්දු තීරණ ගන්න.
එක එක්කෙනා කියන තීන්දු තීරණවලට රැවටෙන්න එපා. ඔවුන් ඒ පිළිබඳ විශේෂඥවරු නෙමේ.”
“නීතිඥවරුත් දැන් එන්නත ගැන මත පළකරනවා. දැන් මට බෑනේ නීතිය ගැන මත පළ කරන්න.
මම දන්නේ නෑ.. මම ඉගෙනගෙන තියෙන්නේ වෛද්‍ය විද්‍යාව ගැන.” “ඒ නිසා එහෙම නොවන අය පළ කරන මත පිළිබඳව දෙපාරක් හිතලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥවරුගෙන්ගේ තොරතුරු අරගෙන තීන්දු තීරණ ගන්න කියලා ඉල්ලනවා.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |