Covid ආසාදිතයින්ගේ වැඩිවීමක්..ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ඉල්ලීමක්.
අද දිනයේ මෙරටින් තවත් ආසාදිතයින් 567ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට අමතර මාත්‍රාවක් අවශ් යද යන්න නිශ්චිත වශයෙන් ම තහවුරු වී නොමැති වුව ද ධනවත් රටවල් සිය ජනගහණය වෙනුවෙන් එන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් සඟවාගැනීමට කටයුතු කරන බවයි.
එමඟින් එන්නත් බෙදාහැරීමේදී ලොව පුරා පවතින අසමානතාව තවදුරටත් උත්සන්න වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් පිළිබඳ එන්නත් ප්‍රධානී කේට් ඕ බ්‍රයන් අනතුරු ඇඟවීමක්ද කළා. ධනවත් රටවල් එලෙස එන්නත් මිලියන සංඛ්‍යාත එන්නත් මාත්‍රා සඟවා ගනිද්දී ඇතැම් දුප්පත් රටවල සෞඛ්‍ය සේවකයින් පවා එක් එන්නත් මාත්‍රාවක් ලබාදීම දුෂ්කර වී ඇති බව ඇය පෙන්වා දුන්නා.
ලොව පුරා කොරෝනා එන්නත්කරණයේ අසමානතාව සමනය වීමක් පසුගිය මාස කිහිපය තුළ දක්නට ලැබුණා. ඒ, ධනවත් රටවල් එන්නත් ප්‍රදානය කිරීමට පෙලඹීමත් සමඟයි. කෙසේ නමුත් ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ අනවශ්‍ය ලෙස එන්නත් එක්රැස් කිරීමෙන් තත්ත්වය වෙනස් වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කේට් ඕ බ්‍රයන් කියා සිටියේ.
කෙසේ නමුත් ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම මූලික පරීක්ෂණවලින් අනතුරුව සඳහන් කළේ මුල් කොරෝනා ප්‍රභේදයට මෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදය සඳහාද පූර්ණ රැකවරණයක් ලැබීම සඳහා එන්නත් මාත්‍රා 3ක් ලබාගත යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |