තවත් කොරෝනා රෝගීන් 13ක් හමුවෙයි.. භයානක රෝග දෙකක් ගැන රතු එළියක්.

Cold Fever COVID-19 Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Aruna May 17, 2023 04:13 AM GMT
Report

මෙරටින් තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගීන් 13 දෙනෙක් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේ(16) කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

මීට අදාල වාර්තාව පහලින්,

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමගින් ඩෙංගු සහ මී උණ රෝග තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 22ක් වේ.

අදාළ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 34,511ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හතලිහකට ආසන්න ප්‍රමාණයකින් ඩෙංගු කීටයින් හඳුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සඳහන් කළ අතර එහිදී දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කළ බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය පියවර ගනු ලැබීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery