තවත් කොරෝනා මරණ 03ක්...දැඩි අවධානයෙන් සිටින්නැයි දැනුම් දෙයි..

COVID-19 Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna May 07, 2023 06:14 AM GMT
Report

තවත් කොරෝනා මරණ 3ක් මෙරටින් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් දැනුම්දී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇත.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ, වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යාම මෙම රෝගී තත්ත්වයන්ට හේතු වී ඇති බවයි.

වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now