නිරෝධායන කාල සීමාව හදිසියේම දින 7කට අඩු කළ හේතුව මෙන්න.
මේ වන විට ඉතා වේගයෙන් පැතිරෙන ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්වන සහ කෙටි කාලයක් ඇතුළත සුවවන කොරෝනා රෝග ප‍්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් රෝගය හඳුනාගෙන ඇතැයි වසංගත රෝග පාලන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.
ඒ නිසා ඔමික්‍රෝන් ආසාදිතයන්ට රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ බරපතළ රෝග ලක්ෂණ මතුවීම ඉතා අවම බව හෙතෙම අවධාරණය කරයි.
මේ වනවිට හමුවන කොරෝනා ආසාදිතයන්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවත්, මෙම තත්ත්වය පාලනය සඳහා නිසි ලෙස මුව ආවරණ පැලඳීමට සහ එන්නත් මාත‍්‍රා 03 ම ලබා ගැනීමට ජනතාව අවධානය යොමු කළ යුතු යැයි ඔහු පෙන්වා දෙන්නේ.
ශී‍්‍ර ලංකාවේ මේ වනවිට ඉලක්කගත එන්නත්කරණය සිදුකරන පිරිසෙන් 85% කට වැඩි පිරිසකට කොවිඩ් පාලන එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී ඇති අතර 35%කට වැඩි පිරිසකට තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදී ඇතැයි ඔහු කියා සිටියා.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව නිරෝධායන කාලසීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කිරීමට හැකි වූ බවයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |