එන්නත නිසා කාන්තාවන්ට සිදු වෙන දෙයක් ගැන අනාවරණයක්...අලුත්ම අධ්‍යයනයකින් හෙළිවෙයි.

Covid Corona Sri Lanka Women Healthy
By Aruna Feb 01, 2022 08:33 AM GMT
Report

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ඔසප් චක්‍රයේ සුළු වෙනස්කමක් ඇති විය හැකි බවත්, එය ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බව ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයන කිහිපයකින් තහවුරු වී තිබෙනවා.

ඒ පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රජනන ප්‍රතිශක්තිවේද විශේෂඥයෙකු වන වෛද්‍ය වික්ටෝරියා මේල් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔසප් චක්‍රය පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය සහ නොර්වේ යන රටවල සිදු කරන ලද අධ්‍යයනවලදී එය යළිත් තහවුරු වූ බව ඇය පවසයි.

කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් සරුභාවයට බලපෑම් ඇති වන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් එන්නත දරුවන් ලැබීමේ හැකියාව සඳහා බලපෑම් ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙන බවත් ඇය සඳහන් කරයි.

කාන්තාවන් 10,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගත් නව අධ්‍යයන දෙකකින් මෙම සොයා ගැනීම සිදු කර ගෙන ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now