කොවිඩ් ආසාදිතයින් ගැන ගත් අලුත්ම තීරණය මෙන්න.

Corona Sri Lanka Covid vaccines Covid patient
By Aruna Feb 01, 2022 04:07 AM GMT
Report

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වුවහොත් ඔහුගෙන් තවත් කෙනකුට කොවිඩ් වයිරසය සම්ප්‍රේෂණය වීම ඉතා අවම බව කොළඹ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පවසයි.

ඊයේ (31දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම අවධාරණය කළේය.

එසේම සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකුට කොවිඩ් අසාදනය වීමෙන් දින හතකට පසු නිරෝධායන කාලසීමාව අවසන් කර සිය දෛනික රාජකාරි සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකුට කොවිඩ් අසාදිත වී දින හත ගත වූ පසු යළි සේවයට වාර්තා කිරීමේදී රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් හෝ පී .සී. ආර් වාර්තාවක් ආයතනයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට කොවිඩ් වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සමග ආසාදිතයන් වැඩිවන බවත් සෑම තත්ත්පර දොළහකට වරක් ලෝකයේ කොවිඩ් ආසාදිතයකුගේ මරණයක් සිදුවන තත්ත්වයකට පත්ව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now