කොරෝනා රෝගියෙක් එක්ක හිටියත් හැදෙන්නෙ නැති ක්‍රමය මෙන්න..

Covid Sri Lanka Healthy Covid vaccines Omicron
By Aruna Jan 31, 2022 03:54 AM GMT
Report

කිසියම් පුද්ගලයෙකු එන්නත් තුනම ලබාගෙන සිටිනම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට කොවිඩ් වැලඳීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර කොවිඩ් දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහසේ සීමාවට යළිත් ළඟාවෙමින් පවතින බව සෞඛ්‍ය දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය දින දහය ඇතුළතදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අටදහස් නවසිය තිහකි.

පසුගිය විසිහය වැනිදා සිට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව නවසියේ සීමාව ඉක්මවමින් වාර්තා වී තිබේ.

ඒ අනුව පසුගිය බදාදා (26 වැනිදා) ආසාදිතයන් 927ක් පසුගිය බ්‍රහස්පතින්දා (27 වැනිදා) ආසාදිතයන් 942ක් පසුගිය සිකුරාදා (28 වැනිදා) කොවිඩ් ආසාදිතයන් 961ක් සහ පසුගිය සෙනසුරදාදා (29 වැනිදා) ආසාදිතයන් 982ක් වාර්තා වී ඇත.

එසේම සමාජයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට අනූපහක්ම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් බව විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයන් අසූ අටදෙනෙකුගෙන් ලබාගත් සාම්පලවලින් අසූදෙනෙකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් බවත් ඉතිරි හයදෙනා ඩෙල්ටා ආසාදිතයන් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යාතනය තහවුරු කරයි.

ඒ අනුව මෙරටින් ජාන පරීක්ෂාවලින් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්සිය අසූදෙක (382) දක්වා ඉහළ ගොස් ඇත.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනූ ප්‍රභේදයක් වන BA.1 ආසාදිත වූවන් කොළඹ, වැල්ලම්පිටිය, බොරලැස්ගමුව, අවිස්සාවේල්ල, හෝමාගම, කටුගොඩ, මඩපාත, පාදුක්ක, පරකුඩාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති අතර ඔමික්‍රෝන් තවත් අනු ප්‍රභේදයක් වන BA.2 ආසාදිත වූවන් කොළඹ, කොළොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අවිස්සාවේල්ල, ගාල්ල, බදුල්ල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now