ශ්‍රී ලංකාවේ කොවිඩ් වල භයානක තත්ත්වයක් ගැන හෙළිදරව්වක්..

Sri Lanka Omicron
By Aruna Jan 26, 2022 02:07 AM GMT
Report

මෙරට ආසාදිතයන්ගෙන් 50%කට.

ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේදි අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේවනවිට සමාජයෙන් හඳුනාගන්නා පිරිසගෙන් සියයට පනහකටම ආසාදිත වී තිබෙන්නේ ඔමික්‍රෝන් වයිරසය බවට සැක පළ කළ හැකි බවද හෙතෙම අවධාරණය කළා.

මෙම වයිරසය ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ට ආසාදනය වුවහොත් සංකුලතා වැඩිවීම සහ මරණයට පත්වීමේ අවදානම වැඩිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා.

කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සමාජයේ සිටින අතර ඔවුන් මගින් තවත් කෙනකුට බෝවීමේ හැකියාවද පවතී.

දෛනිකව ආසාදිතවන පුද්ගලයන් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවන පුද්ගලයන්ද වැඩි වශයෙන් සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔමික්‍රෝන්,කොවිඩ් ආසාදිත වනවාට වඩා එය භයානක තත්ත්වයක් බවට වෛද්‍යවරු අනතුරු අඟවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now