කොරෝනා වැලදීමෙන් පසු ලිංගික බෙලහීනතාවය..එන්නත ගැනත් විශේෂ හෙළිදරව්වක්.

Covid Sri Lanka Covid alert Amanda wijewickrama
By Aruna Jan 14, 2022 06:38 AM GMT
Report

කොරෝනා මර්දනය සඳහා බූස්ටර එන්නත් මාත්‍රාව ලබා ගැනීම හේතුවෙන් විවිධ අතුරු ආබාධ තත්ත්වයන් ඇති වන බවට පැතිර යන කටකතා මිත්‍යාවන් බවත් ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

එන්නත හේතුවෙන් අංශ භාග තත්වයන්, ලිංගික බෙලහීනතා හෝ වෙනත් අතුරු ආබාධ ඇති වූ රෝගියෙකු හමු නොවූ බවද ඔහු සඳහන් කළේය.

ඇතැම් රෝග එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවූ බවට ඇතැමුන් ප්‍රකාශ කරන නමුත් රෝග නිධානය සොයා බැලීමේදී ඒවා එන්නත නිසා ඇති වූ ඒවා නො වන බවට හෙළි වන බව ද හෙතෙම පැවසීය.

කොරෝනා වැලඳීමෙන් පසු යම් කාලයක් යනතුරු ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි නමුත් එය දිගුකාලීන තත්ත්වයක් නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now