මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවකට ජනප්‍රිය නැටුම් ගුරුවරයාට ලැබුණු තීන්දුව.
සම්මානනීය රංගන ශිල්පිනියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවක විත්තිකරුවකු වන ජනප්‍රිය නැටුම් ශිල්පියකු ඊයේ (19) එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ගේ නියෝග මතයි.
විත්තිකාර නැටුම් ශිල්පියාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින් ද අතුකෝරල කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම එම නියෝගය සිදු කර ඇත.
එවකට 15 හැවිරිදි වියේ පසුවූ එම රංගන ශිල්පිනිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් ඇය එලෙස ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුනා.
මෙම නඩුවේදී නීතිඥ වජිර රණසිංහ, මල්දෙණි හේරත්, ෂෙනාල් විජේසිංහ හා නීතිඥ කනිෂ්ක බණ්ඩාර යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ විත්තිකාර නැටුම් ශිල්පියා වෙනුවෙන් පෙනී සිට ඇත.