හෙට දින ලැබීමට නියමිත විශේෂ නියෝගය..

Lasantha Alagiyawanna Sri Lanka Politician Dayasiri Jayasekara
By Sewvandhi Jul 23, 2024 10:53 AM GMT
Report

හෙට (24) දිනයේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය  ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.