කක්කල් කැස්ස රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉහළට....

World National Health Service
By Gagana Apr 11, 2024 02:00 PM GMT
Report

කක්කල් කැස්ස ශ්වසන පද්ධතිය ආශ්‍රිත ව බෝ වන රෝගයක් වන අතර, එය ලොව පුරා රටවල් කිහිපයක ම ව්‍යාප්ත වන බව වාර්තා වනවා.

චීනය, පිලිපීනය, නෙදර්ලන්තය, අමෙරිකාව හා බ්‍රිතාන්‍ය ආදී රටවල මෙම රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව සඳහන් වේ.

ලොව පුරා වාර්ෂික ව කක්කල් කැස්ස රෝගීන් හා මරණ යම් ප්‍රමාණයක් වාර්තා වුව ද, මේ වසරේ එහි වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම වසරේ පළමු මාස 02 තුළ පමණක් චීනයෙන් කක්කල් කැස්ස වැළඳුණු රෝගීන් 32,380 ක් වාර්තා වූ අතර, සිදුවී ඇති මරණ සංඛ්‍යාව 13ක් බව ය.

චීන බලධාරීන් පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂ ව 20% ක ඉහළ යාමක් මෙවර ඇති බව ය.

පසුගිය වසරට සාපේක්ෂව , පිලිපීනයේ ද කක්කල් කැස්ස රෝගීන් සංඛ්‍යාව 34% කින් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා පෙන්නුම් කරයි.