මුහුණේ විකෘතිතා යථා තත්ත්වයට පත් කරන්න පුලුවන්ද? - මෙරට ජනතාවට මෙන්න සුබ ආරංචියක්.

Hospitals in Sri Lanka Beauty Technology
By Wayomi Feb 22, 2024 12:34 PM GMT
Report

උපතේදී, පිළිකා හෝ අනතුරු හේතුවෙන් මුහුණේ ඇති වන විකෘතිතා සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර පියකරු මුහුණක් ලබාදීමට අවශ්‍ය සියලුම පහසුකම් සහ ප්‍රතිපාදන මෙරට රජයේ රෝහල් විසින් ලබා දී ඇති බවමුඛ හනුක - මුහුණු පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. එච්.එම්.කේ. අබේසිංහ මහතා පවසනවා.

ඒ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

පියකරු මුහුණක් සිතට සතුටක්, මුහුණේ විකෘතිතා ප්‍රකෘති කළ හැක' යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.

එහිදී වෛද්‍යවරයා කියා සිටියේ, මුහුණේ විකෘතිතා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව මාර්ග අනතුරු සහ මිනිස් ගැටුම් නිසා ඇති වන අනතුරු බවත්, මුඛ පිළිකා හේතුවෙන්ද මුහුණේ විකෘතිතා ඇති වන බවත්ය.

එමෙන්ම උපතේදී සහ ලිංගිකව ආසාදනය වන වයිරස නිසාද මුහුණේ විකෘතිතා ඇති වන බවත් ඊට අමතරව සතුන්ගේ සපාකෑම් සහ පහරදීම් නිසාද විකෘතිතා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් මේ ඕනෑම ආකාරයකින් සිදු වන විකෘතිතාවන් ඉතාම සියුම් ආකාරයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අපේ රටේ රජයේ රෝහල්වල සියලු පහසුකම් තිබෙන අතර ඒ සඳහා රජය විශාල මුදලක් වැය කරන බවයි වෛද්‍යවරයා කියා සිටියේ.