අයෙත් පරිස්සම් වන්න. - ගම්පහ රෝහලෙනුත් කොරෝනා මරණයක්.
COVID-19
Gampaha
Ministry of Health Sri Lanka
Death
By Wayomi
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බවට හෙළි වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, යක්කල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්.
ගම්පහ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී.පී.ආර්.පී.රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, දේහය පිළිබඳ පරීක්ෂණයේදී කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් මිය ගිය බවට , රෝහලෙහි අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව මගින් තහවුරු කර ඇති බවයි.
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඇයගේ දේහය , ගම්පහ මහ නගර සභාව යටතේ පාලනය වන කසගහවත්ත ආදාහනාගාරයේදී ආරක්ෂක විධිවිධාන සහිතව ආදාහනය කිරීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර මීට දින කිහිපයකට පෙර මහනුවර මහරෝහලෙන්ද කොරෝනා මණයක් වාර්තා වී තිබුණා.