කෝප් කමිටුව හදිසියේම ගත් විශේෂ තීරණය

Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sithumi Jun 21, 2022 02:47 PM GMT
Report

කෝප් කමිටුව වෙත කැඳවන නිලධාරීන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් දිවුරුමක් ලබාගැනීමට විශේෂ කෝප් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

මේ අතර 2022.06.10 වැනි දින කෝප් කමිටුවට පැමිණ සිදුකළ ප්‍රකාශයක් ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් යොමු කොට ඇති 2022.06.11 දිනැති ලිපිය කෝප් සභාපතිවරයා විසින් අද දින සභාගත කිරීම සිදුකළේය.

  ඒ අනුව එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා 2022.06.23 වැනි දින පෙරවරු 11.00ට කෝප් කමිටුව හමුවට කැඳවීමට මෙහිදී තිරණය කරනු ලැබීය.

එසේම ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විශේෂඥ වාර්තා පදනම්වූ විශේෂ රැස්වීමක් ජූලි මස 25 දින පැවැත්වීමටද මෙහිදී තීරණය විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා.

“ 2022 .06.11 දින විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා විසින් කොප් කමිටුව වෙත යොමු කරන ලද ලිපිය අද සලකා බැලුවා.ඒ ලිපිය ප්‍රකාරව වැදගත් සාකච්ඡාවක් සිදුවුනා. මේ ලිපියේ අද ගත් කරුණු කිහිපයත් එයට උපග්‍රන්ථ ලෙස ඉදිරිපත් කරලා තියෙන ලියුමත් අද අවධානයට ලක් වුනා.

ඒ අනුව කෝප් කමිටුවේ තිරණය වන්නේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමටත් ඒ හරහා මේ ලිපියේ සම්බන්ධ කරුණු ගැන යළි තිරණයක් ගැනිමටත් එතුමා විසින් ඉල්ලා තියෙන තමන්ගේ සාක්ෂියේ කොටස ඉවත් කිරීම සම්බන්ධ තීරණය ඊට පසුව ගැනීමටත් අපි (කෝප් කමිටුව) තීරණය කළා. ”  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now