STF ආරක්ෂාව මැද රැගෙන ගිය කන්ටේනරය මොකක්ද..? වරාය අධිකාරියෙන් නිවේදනයක්..!

Sri Lanka Colombo harbor container STF protect
By Sewvandhi Apr 05, 2022 03:02 PM GMT
Report

කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ සිදුවූ බහලුම් මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව සාවද්‍ය තොරතුරු ඇතුලත් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ එහිදී සිදුවන්නේ විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපනයනය කිරීමක් බවය.

එය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදුකෙරෙන කටයුත්තක් බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.  

එවැනි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවක විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමන්‍යයෙන් සිදුවන බවද අදාළ නිවේදනය මගින්  ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අදාළ නිවේදනය මගින් සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව සමඟ හුවමාරු වන තොරතුරු සාවද්‍ය තොරතුරු බවට මහජනතාව වෙත දැනුම්දී ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now