වැලිගමදී මියගිය පොලිස් සැරයන් ගැන විශේෂ තීරණයක්
Nihal Talduwa
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
Gun Shooting
By Sewvandhi
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බවයි.
එසේම අදාළ පොලිස් නිලධාරියාට පොලීසිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග කිරීමට ද තීරණය කර ඇත.
මේ අතර ඊට අමතරව ඔහුට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
වැටලීමක් අතරතුරදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේය.