හෙට ඉඳලා සති දෙකක් පාසල්වල වෙන දෙය මෙන්න - ගුරුවරුන්ටත් ඒ ගැන වහා දන්වලා..

Sri Lankan Schools School Incident Latest Headlines School Children Teachers
By krishani Jul 21, 2024 01:00 PM GMT
Report

හෙට (22) දිනයේ ගුරු විදුහල්පතිවරුන් විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතය.

හෙට ඉඳලා සති දෙකක් පාසල්වල වෙන දෙය මෙන්න - ගුරුවරුන්ටත් ඒ ගැන වහා දන්වලා.. | Conducting Schools

ඒ, අනුව දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් හෙට සිට සති දෙකක් මෙම සමිති ක්‍රියාමාර්ගයේ නියැලෙනු ඇත.

ඒ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ය.

ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ නියැලීමට තීරණය කර ඇත්තේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ය.

අද (21) ජෝසප් ස්ටාලින් පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේ ය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ රජයේ පාසල්ව ඇතැම් ගුරුවරුන් පුද්ගලික උපකාරක පංති පැවැත්වීමට පෙළඹී ඇත්තේ මෙම වැටුප් ගැටලුවත් සමඟ බවයි.

ඔයාටත් අස්වැසුම තියෙනව ද?. අලුත්ම ආරංචියක් මෙන්න..

ඔයාටත් අස්වැසුම තියෙනව ද?. අලුත්ම ආරංචියක් මෙන්න..


මේ අතර, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන සති දෙකක කාල සීමාව තුළ, උපකාරක පංති පවත්වන රජයේ පාසල්වල ගුරුවරුන් එම පංති පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳව අවදානය යොමුකළ යුතු බව ද ඔහු මෙහිදී එම ගුරුවරුන්ට දැනුම් දුන්නේ ය.

එමෙන්ම ගුරුවරුන්ට පැවරී ඇති අමතර වැඩකටයුතු වලින් ඔවුන්ව ඉවත්කරන ලෙස ද ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ ය.