විදුලි බල පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය රහසින්ම කතානායකට.

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Government Of Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Piyumika May 13, 2024 12:39 PM GMT
Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කළේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි බල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාග කටයුතු අවසන් බවත් එහි නීත්‍යානුකූල භාවය පිළිබඳ වූ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තු කතානායකවරයා වෙත යොමු කරන බවයි.

තෙදිනක් පුරාවට පැවැති මෙම පෙත්සම් විභාගය විජිත් මල්ලගොඩ,ශිරාන් ගුණරත්න සහ අර්ජුන් ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.

ලංකා විදුලි සේවක සංගමය,පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශ්ව 14ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම්කරුවන් පවසනුයේ අදාළ කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයත් වීමක් සිදුවන බවයි.

අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් මෙන්ම ජනමත විචාරණයකින්ද එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෝ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.