අල, පරිප්පු, සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක මිලට සිදුවුණ දෙය..
Sri Lanka Food Crisis
Latest Headlines
By krishani
මේ වන විට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇත.
ඒ වැට් බද්ද ඉහළ දැමීමත් සමඟයි.
ඒ අනුව අල, පරිප්පු, සීනි, ලූණු, තිරිඟු පිටි සහ ඇතැම් සහල් වර්ග කිහිපයක මිල තවදුරටත් ඉහළ දමා ඇති බවට වාර්තා වේ.
මේ වන විට රුපියල් 350 දක්වා පරිප්පු මිල ඉහළ ගොස් තිබෙනවා.
වැට් බද්ද ඉහළ දැමීමට පෙර පරිප්පු කිලෝවක් රුපියල් 300ක්ව පැවැතියේ ය.
රුපියල් 290ක්ව පැවැති සීනි කිලෝවක මිල ද රුපියල් 320 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පාරිභෝගිකයන් සඳහන් කළේ වැට් බදු මුවාවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් අසීමිත ලෙස භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවයි.